Header Ads

ෆොන්සේකාගේ මන්ත්‍රී ධුරය ගැලවීමට රාජපක්ෂලාගේ උත්සාහයක්

 ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය හැකිදැයි හම්බන්තොට දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ විසින් අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරනු ලැබීය.

එය යොමු කර තිබුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ වෙතය. රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීමට ව්‍යවස්ථාවෙන් ඇති සීමා උපුටා දක්වමින් අජිත් රාජපක්ෂ විසින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් මේ ගැන විමසනු ලැබීය. එම ප්‍රශ්නය සඳහා ඉදිරියේදී පිළිතුරක් ලබාදෙන බව අමාත්‍ය රාජපක්ෂ ප්‍රකාශ කළේය.

No comments

Powered by Blogger.