Header Ads

මැර වෙස් ගත් මන්ත්‍රී - අවන්හලේ කැමරා සාක්ෂිය.........සම්පූර්ණ CCTV දර්ශන...

පසුගිය දිනක කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංගමයේ ලේකම්වරයාට යම් පිරිසක් විසින් පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබේ.

එම පහර දීම සම්බන්ධයෙන් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනකුට චෝදනා එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංගමය සඳහන් කර සිටියේ, ලේකම්වරයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටුනොවූ බවය.

පසුගිය මාර්තු මස 8 වන දින රාත්‍රියේ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ අවන්හලකට රාත්‍රී ආහාර ගැනීමට ගොස් සිටි කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංගමයේ ලේකම්වරයාට යම් පිරිසක් විසින් අතින්, පයින් හා පොලුවලින් පහර දෙන අයුරු CCTV දර්ශනවල දැක්වේ.

එහිදී බරපතළ තුවාල ලැබු ලේකම්වරයා පසුව රෝහල්ගත කර ඇත.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදා හැර තිබේ.

වසා තිබු කිරිබත්ගොඩ රථගාල පොදු වෙළෙඳ සංගමය විසින් විවෘත කිරීම හේතුවෙන් අදාළ ගැටුම ඇතිව තිබෙන බව කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කරයි. 

No comments

Powered by Blogger.