පොලිස් කාලකන්නියාගේ අමානුෂික පහරදීම (video) විඩියෝවේ සිටි පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කෙරේ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසෙත් අනුමත නොකරන බවය.
පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අද සමාජ ජාල ඔස්සේ මහත් කැලඹීමක් ඇති කළේය.
අදාළ නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකි.
වීඩියෝව සංසරණය වීමත් සමඟ අදාළ නිලධාරියා සොයා පොලිසිය වහාම විමර්ශනයක් සිදුකළ අතර ඒ අනුව එම නිලධාරියා මහරගම පොලිසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයකු බවට හඳුනා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම පොලිසියේ ඉහළ නිලධාරියකුගේ රථය අනතුරට ලක් කළ ලොරි රථ රියදුරකුට එම පොලිස් නිලධාරියා මෙලෙස පහරදීම සිදු කර ඇති බවය.
Post a Comment