නළු ගයාන් වික්රමතිලකව දුටු තැන ඇල්ලීමට වරෙන්තු
කෙසේ වෙතත් තව දුරටත් උසාවියට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුව දුටු තැන අල්ලා අත්අඩංගුවට ගැනීමට කඩවත මහේස්ත්රාත්වරයා පෙරේදා (22) නියෝග කළා.
වයස අවුරුදු 10 සහ 11 යන වයස් කාණ්ඩවල පසු වන දරුවන් දෙදෙනාගෙන් එක් අයකුට රුපියල් 15,000 බැගින් වු රුපියල් 30,000 ක් ගෙවීමට 2013 දී අධිකරණය විසින් නියම කර තිබුණ ද මෙම තැනැත්තා පසුගිය 2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම වන්දි මුදල් ගෙවීම පැහැර හැර තිබෙනවා.
ඉකුත් පෙබරවාරි මස 5 වැනි දා නඩුව කැදවු අවස්ථාවේ දී මහෙස්ත්රාත්වරයා විසින් මෙම වගඋත්තරකාර තැනැත්තා හට සිතාසි නිකුත් කර තිබුණ ද නඩුව නැවත කැදවු අවස්ථාවේදී මොහු අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.
ඊට පසු පෙබරවාරි මස 22 දා ද නඩුව කැදවන විට ඔහු අධිකරණයේ පෙනී සිටීම මගහැර තිබෙනවා.ඉල්ලුම්කාරිය වෙනුවෙන් සුදර්ශන වික්රමරත්න මහතා පෙනී සිටි අතර ඔහු චෝදනා කලේ විත්තිකරු දේශපාලන රැකවරණ ලබන බැවින් උසාවිය මඟහැර සිටින බවයි.
Post a Comment