මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිදරව් කිරීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරයි..!
මැතිඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිදරව් කිරීම පාර්ලිමේන්තුව විසින් ප්‍රතිකේෂ්ප කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ, සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ පිළිබදව පාර්ලිමේන්තුවෙන් විමසා ඇති අතර, අදාල තොරතුරු ලබා දිය නොහැකි බව සහකාර මහලේකම් සහ තොරතුරු නිළධාරීවරයා පවසා තිබේ.
යමෙකුගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිදරව් කිරීම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කිරීමක් බව අදාල නිළධාරියාගේ අදහස වී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ අමාත්‍යවරයෙකු වීමට යමෙකුගේ අධ්‍යාපන සුදුසුකම් අදාල නොවේ.
headlinenews -
Post a Comment