Header Ads

පානදුර උතුර පොලිසිය ඉදිරිපිට උණුසුම් තත්වයක් (video)

පොලිසියට කළ පැමිණිල්ලක් පක්ෂග්‍රාහී ලෙස විභාග කිරීම සම්බන්ධයෙන් උරණ වූ පිරිසක් ඊයේ පානදුර උතුර පොලිස් ස්ථානය ඉදිරිපිට දී එහි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාට සිය විරෝධය පළකලා.

එහිදී ඔවුන් චෝදනා කළේ නිසි පැමිණිලි විභාගයකින් තොරව පොලිසිය විසින් පහරදීමේ සිද්ධියට සැකකරුවන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවටයි.

මෙම පහරදීමේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහලේ වාට්ටු අංක 25 ප්‍රතිකාර ලබන අතර ඔහුගේ හිසට මැහුම් 15ක් ද දමා ඇති බවටයි විරෝධතාකරුවන් කියා සිටියේ.

එම අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්වය පහතින්.

No comments

Powered by Blogger.