Header Ads

දෙවැනි පරීක්‍ෂණයෙන්ද තහවුරුයි.. සියළු තෙල් තොගවල පිලිකාකාරක… සමාගම් 04 මෙන්න.. විෂ පොල්තෙල් කෑවොත් අක්මාවේ පිළිකා.. දරුවන්ට බරතලයි..- ප‍්‍රකට මහාචාර්ය කියයි..

 මෙරටට පොල්තෙල් ගෙන්වන ලද සමාගම් තවත් තුනක දෙවැනි තත්ත්ව පරීක්ෂණයද අසමත් වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම සමාගම් විසින් ගෙන්වූ තෙල් තොගවලද පිළිකා කාරක අන්තර්ගත වී ඇති බවයි.

ඊයේ දිනයේ ද එක් සමාගමක් දෙවැනි පරීක්ෂණවලින් අසමත් වී තිබිණි.

එ් අනුව පරීක්ෂණයට භාජනය කර ලද සමාගම් 04 ම පොල්තෙල් වල පිළිකා කාරකයන් හදුනාගෙන ඇත.

මේ වන විට අදාළ සියලුම තෙල් තොග ප්‍රති අපනයනය කරන ලෙස උපදෙස් දී ඇත.

තෙල් පරීක්ෂාවට ලක්ව කරන ලද සමාගම් හතර මෙසේය.

අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම

සේන මිල්ස් පිරිපහදුව

එදිරිසිංහ එජාබල් ඔයිල්ස්

කටාන පිරිපහදුව

විෂ පොල්තෙල් කෑවොත් අක්මාවේ පිළිකා.. දරුවන්ට බරතලයි..- ප‍්‍රකට මහාචාර්ය කියයි..

ආනයනය කරන ලද පොල්තෙල්වල අඩංගු ඇෆලටොක්සින් නමැති පිළිකා කාරකයක් සහිත පොල්තෙල් භාවිතය ඉතා අවදානම් බව කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

එම පොල්තෙල් ආහාරයට ගතහොත් අක්මාවේ පිළිකා ඇති විය හැකි යැයි ද ඒ මහතා පැවසීය.

මෙය දිලීර විශේෂයක් බවත් එය අක්මාවට අහිතකර බවත් එක්වර විශාල ප්‍රමාණයක් හෝ කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීරගත වුවහොත් පිළිකා තත්ත්ව ඇති විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මෙය වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට බලපාන බවද පවසන ඔහු කුඩා දරුවන්ගේ අක්මාවේ දරාගැනීමේ ශක්තිය අඩු වීම ඊට හේතුව ද පෙන්වා දෙයි.

එනිසා මෙම භයානක විෂ රසායනිකය ශරීරයට ඇතුළු කර ගත නොයුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

cnews -

1 comment:

  1. This is the names of the companies fail second lot, where is the names of second lot fail companies ????

    ReplyDelete

Powered by Blogger.