Header Ads

ඌවතැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

නීති විරෝධි අන්දමින් ටී 56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරණු ලැබු මාලිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් ස්වයංක්‍රීය ගිනි අවි සහ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීමේ අධිචෝදනාවට විත්තිකාර හිමියන් වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පුකොට ඇති බවට නිගමනය කරමිනි.

2010 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ජනවාරී 2 වැනි දා විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි සඟවා තිබූ එම අවි තොගය සොයා ගෙන තිබුණි.

ඌවතැන්නේ සුමන හිමියන්ට අමතරව එම විහාරස්ථානයේ විහාරවාසී මාවෙල සුබෝධ හිමි සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් යැයි කියන පී රාජබාලන්, කේ තමිල්සෙල්වම් සහ චන්ද්‍රනම් සුබ්‍රමනියම් යන අයට ද අධිචෝදනා එල්ල වූ අතර නඩු විභාගය අතරතුරදී ඔවුන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේ ය.

No comments

Powered by Blogger.