Header Ads

ජාඇල ත්‍රිපෝෂ කම්හල මුළුමනින්ම වසා දමයි

බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ.

එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට කම්හල වසා දමා තිබීම හේතුවෙන නිවෙස්වල රැදී සිටින බවත් මේ තත්ත්වය සති තුනක් තිස්සේ පවතින බවත් එහි සේවකයෝ කියති.

මැයි මස මුල් සතියේ බඩඉරිඟු සදහා පාලන මිලක් නියම කරන්නට රජය පියවර ගත් අතර ඒ රුපියල් 55 කි.

එහෙත් ඒ වනවිට ත‍්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැදවා මිලදී ගනිමින් තිබුණේ රුපියල් 58 බැගිනි.

පාලන මිල නියම කිරීමත් සමග එම මිලට ගැලපෙන පරිදි ටෙන්ඩර් කැදවීමට ආයතනයට යළි සිදුවූ අතර මේ වනවිට දෙවතාවක් ටෙන්ඩර් කැදවූ නමුත් තවමත් කිසිවෙකු රුපියල් 55 ට ආසන්න මිලකට ටෙන්ඩර් පත‍්‍රිකා ඉදිරිපත් නොකල බව වාර්ථා වේ.

ත‍්‍රිපෝෂ ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට නොමිලේ දෙන ආහාරයක් වන අතර සුපෝෂ අතිරේක ආහාරයක් ලෙස වෙළද පොලේ අලෙවියට පොදුවේ අලෙවි කරන්නකි.

ත‍්‍රිපෝෂ කම්හල සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන සමාගමකි.

No comments

Powered by Blogger.