Header Ads

වෙසක් පෝදා සුනඛයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

වෙසක් පුන් පොහෝය දිනයේ මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලට ඇති කරන බල්ලෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙක් මීගමුව පොලිසිය මගින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබේ.

බල්ලාගේ හිමිකරු නිවසේ ගේට්ටුව ඇරීමෙන් පසු බල්ලා එළියට ගොස් ඇති අතර විනාඩි 5ක් පමණ ගත වෙද්දී වෙඩි සද්දයක් ඇසීමත් සමගම සොයා බැලීමේදී ලේ ගලන තුවාල සහිතව නිවස ඉදිරිපිටට දුවගෙන ආ බල්ලා ඇද වැටී මියගොස් ඇත.

බල්ලාට වෙඩි ප්‍රහාරය එල්ල වන අයුරු අසළ නිවසක සී.සී.ටීවී කැමරාවක සටහන් වී තිබේ.

විශ්‍රාමික පොලිස් අධිකාරී වරයා ඇප මත මුදාහැර ඇත.

No comments

Powered by Blogger.