Header Ads

රුපියල් මිලියන 890ක් මහ මුහුදුට බිලිදෙයි

වෙරල තීරයේ වැලිපර මුහුදට සේදීයාම හේතුවෙන් ඛාදනය වී තිබූ ප්‍රදේශ සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 890ක වියමින් වැඩ නිම කර යලි වැලි පුරවා තිබූ ගල්කිස්ස ප්‍රදේශයේ වෙරල තීරය යළි මුහුදුක සේදී ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන්, පරිරවේදීන් ඇතුළු විද්වතුන් ගණනාවක් මෙම ව්‍යාපෘතියේ අසාර්ථක බාවය පෙන්වා දුන්නද ව්‍යාපෘතිය දිගටම සිදු විය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ කි.මි 02ක් දිග මීටර් 25ක් පළල කෘතිම වෙරළ තීරයක් ඉදි කළ අතර ගොඩකිරීම් සඳහා වැලි මීටර් කියුබ් ලක්ෂ 03ක් යොදා ගෙන තිබූ බවත් කිලෝ මීටරයක් දිග අඟුලාන වෙරළ තීරය දෙවන අදියර ලෙසත්, මීටර් 500ක් වූ ගල්කිස්ස වෙරළ තීරය තුන්වන අදියර ලෙසත් සංවර්ධනය කෙරෙන බව මෙහි සංවර්ධන කටයුතු නීර්ක්ෂණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර තිබිණි.

රට මුහුණ දී තිබූ කොරෝණා ඇඳිරිනීතිය තත්වයද නොතකා මෙහි වැඩකටයුතු කඩිමුඩියේ සිදු කළ අතර මෙලෙස වෙරළ තීරය පිරවීම සඳහා ගැඹුරු මුහුදෙන් වැලි පොම්ප කිරිම සඳහා පරිසර තක්සේරැ වාර්ථාවක් හෝ ලබාදෙන නොමැත.

යම් ස්ථානයකින් වැලී ලබා ගන්නේනම් එම ස්ථානය ඇතිවන අවකාශය පිරවීම සඳහා ස්භාවිකම වැලි ලබාගන්නා බැවින් මේ වනවිට අවට වෙරල තීරයම අවධානමකට ලක්වී ඇත.

පැවති රනිල්-මෛත්‍රී ආණ්ඩුවට පරිසරය කෙරෙහි තැකීමක් නොකර දිගින් දිගිටම පාරිසරික හානි බහුල කරමින් සංවර්ධන වෘපෘති දියත් කළ ආකාරයටම වත්මන් ආණ්ඩුවද එම ව්‍යාපෘති ඒ ආකාරයටම කරමින් තිබේ.

රටේ පවතින නීතියට පිටින් කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කිරීම හේතුවෙන් මේ වනවිට මුදලත් පරිසයත් දෙකම විනාශ වන තත්වයට පත්ව ඇත.




No comments

Powered by Blogger.