Header Ads

පරීක්‍ෂණ කටයුතු දැඩි කිරීමේ පමාවක් තිබුණා... වැලිසර වගේ පොකුරු දහසක් හමුවුණොත් එය රටට දරාගන්න බැරිවේවි

- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශෙෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

නාවික හමුදා සාමාජිකයින් පිරිසකට කෝවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමත් සමඟ නැවතත් වසංගත බිය ජනතාවට දැනෙන්න පටන් ගෙන ඇත. ඒ පිළිබඳව මෙන්ම තවත් කරුණු කාරණා කිහිපයක් දැනගැනීම පිණිස ‘‘‍ දිවයින’’ ‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ව සාකච්ඡුාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සමඟ සමඟ ”‍ දිවයින ”‍ කළ එම සාකච්ඡාවකි.

ප‍්‍රශ්නය - වැලිසර නාවික හමුදා කඳවුරේ භට පිරිසකට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා. මේ තත්ත්වය තුළ නැවතත් රට දැඩි ලෙස අනාරක්ෂිත වෙමින් පවතිනවා නොවේද ?

පිළිතුර - මෙම රෝගයේ දී මෙවැනි තත්වයන් අපට බලාපොරොත්තු වෙන්න වෙනවා. කිනම් මොහොතක හෝ සිදුවන අඩුපාඩුවක් හෝ අතපසු වීමක් රෝග ව්‍යාප්තියට හේතුවක් වේවි. මෙම රෝගයෙන් අපි දිනෙන් දින අලූ‍ත් පාඩම් ඉගෙන ගනිමින් සිටින්නේ. එහෙයින් අපි පළමුව නව කොරෝනා රෝගය තේරුම් ගත යුතුයි. මෙය වේගයෙන් පැතිරෙන, පැතිරීම කළමනාකරණය කරගන්න අමාරු රෝගයක්. රජය මෙය මේ වන තෙක් කළමනාකරණය කර ගෙන තිබෙනවා. නමුත් එය ඉදිරියටත් එසේම එසේ ම පවත්වා ගෙන යා යුතුයි.

ප‍්‍රශ්නය - මෙම රෝගයට මුහුණ දීමේදී ප‍්‍රතිකාර ලබා ගැනීමට වඩා රෝගය වැළඳීමට ඇති ඉඩකඩ වලින් ඈත් වී සිටීම වඩා වැදගත් නොවේද ?

පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්. මෙම රෝගයට මුහුණ දීමේදී ප‍්‍රධාන අවයවය වන්නේ නිවාරණ සෞඛ්‍යයයි. එය ප‍්‍රතිකාර සෞඛ්‍යයට වඩා ප‍්‍රමුඛ වඩා ප‍්‍රමුඛ කාරණයක්. රෝගයෙන් වැළැක්වීමට කළ හැකි හො`දම ක‍්‍රියාමාර්ගය නිවාරණයයි. මීට පෙර ලෝකයේ හා වසංගත හයටම වඩා මෙම රෝගය වෙනස්. රෝග ආසාදිතයා අන්තිමට එය අවසන් කරන්නේ රෝහලටත් වෛරසය පතුරුවමින්. එය රෝහල් වලට වගේම පාසල්,ආරක්ෂක අංශ වලටත් ඇතුළු සෑම ක්ෂේත‍්‍රයකටම පොදුයි. මෙම වෛරසය ආසාදිත එක පුද්ගලයෙකු මාසයක් තුළ පන්සීය දොළොස් දෙනෙකුට එය පතුරවනවා. එහෙයින් ම මෙහි බරපතලකම තේරෙනවා නේද ?.

මෙම තත්ත්වය නිසා නිවාරණ සෞඛ්‍යයේ දී ගත යුතු ක‍්‍රියා පටිපාටිය තමයි තේරුම් ගත යුත්තේ. මෙම රෝගය පැතිරෙන ක‍්‍රමවේදය ”‍ හැමර් ඇන්ඞ් ඩාන්ස්”‍ කියලයි කියන්නේ. අපේ රට එය මේ වනතෙක් හොඳින් සිදු කර තිබෙනවා. මම මීට පෙර කිව්වට කිව්වා සේ එය තවදුරටත් එලෙසම පවත්වා ගෙන යෑම ඉතාමත් වැදගත්.

රෝගීන් ආක‍්‍රමණශීලී ලෙස හඹායෑම ඉතාමත් වැදගත් කටයුත්තක්. ලෝක සෞඛ්‍ය සංවිධානයත් සඳහන් කළේ පරීක්ෂණ කටයුතු යළි යළිත් සිදු කරන ලෙසයි. මෙම කාරණය අප සෞඛ්‍ය බලධාරීන් වෙත යොමු කළත් ඔවුන් දින විස්සක් පමණ ප‍්‍රමාද වී තමයි එය පිළිගැනීමට කටයුතු කළේ. අපි සඳහන් කළ දිනයන් හිදි එම කටයුතු ආරම්භ කළේ නම් මෙතරම් රෝගීන් පිරිසක් හමු වන්න මත්තෙන් රෝගීන්ව ග‍්‍රහණය කර ගැනීමට හැකියාව තිබුණා. ඇත්තටම පරීක්ෂණ කටයුතු දැඩි කිරීමේ පමාවක් පැවතුණා.

රෝගය පැමිණි විගසම ආක‍්‍රමණශීලී ලෙස මර්දනය කළ යුතුයි. ඒ ඒ කාල පරාසය තමයි අපි පහු කළේ. මෙම රෝගයේ දෙවන පියවර තමයි අප මුලදී සඳහන් කළ හැමර් ඇන්ඞ් ඩාන්ස් වැකියේ ඩාන්ස් කියන කොටස. එහි දී රෝගීන් අඩුවැඩි වශයෙන් හමුවීම බලාපොරොත්තු වෙන්න වෙනවා. මෙම වසංගතය මුළුමනින්ම තුරන් කරන්න එන්නත සොයාගන්නා තෙක් රෝගීන් තැනින් තැන මතු වෙනවා.

එම නිසා රට විවෘත කළ පසු තැනින් තැන රෝගී මතු විය හැකියි. ලොකු පිරිසක් සිටින පරිසරයක් වෙත එලෙස රෝගය පැතිරුණ හොත් අපිට විශාල අපහසුතාවට පත් වෙන්න සිදු වේවි. එසේ නොවන තැනට රට ගෙන යන්නයි මේ කටයුතු කරමින් සිටින්නේ. ඒ සඳහා රජයට රටේ ජනතාවගේ සහාය ඉතා අවශ්‍යයි. ජනතාව මෙම තත්වය තේරුම් ගන්න ඕනෑ. මෙම රෝගය මැඩලීම සඳහා තමන්ට වගකීමක් ඇති බව අමතක කරන්න එපා. ස්වයං විනය ඉතා වැදගත් යැයි මා නිතර කියන්නේ ඒ නිසයි.

ප‍්‍රශ්නය - වැලිසර නාවික හමුදා කඳවුරේ සිදුව ඇත්තේ කුමක්ද?

පිළිතුර - හමුදාපතිවරයා සඳහන් කරන ආකාරයට එම කඳවුරේ නාවික හමුදා සාමාජිකයින් පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිසක් නිරෝධායනය කිරීමට යෑමේ දී මෙම වෛරසය ආසාදනය වී ඇතැයි පැවසෙනවා. ඇත්තටම එම නාවික හමුදා සාමාජිකයන් කඩිනමින් පරීක්ෂා කළ නිසයි මෙම රෝගය ඔවුන්ට වැළඳී ඇති බව තහවුරු කරගැනීමට කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ.

මෙතනදි වැදගත් පණිවිඩයක් තේරුම් ගැනීමට අප කාටත් සිදු වෙනවා. පී.පී.ඊ. ඇඳුම් ඇඳගෙන ගියා නම් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකියාවක් තිබුණා. මෙම රෝගයේ දී අපි දිනෙන් දින අලූ‍ත් පාඩම් ඉගෙන ගන්නවා. එමනිසා නිසා ඉදිරියේ දී වත් ආරක්ෂක අංශ සාමාජිකයන් මෙවැනි කටයුතු සඳහා යොදා ගැනීමේදී ඉහත මම සඳහන් කළ ආරක්ෂිත ඇඳුම් ඇඟලෑම ඉතාම වැදගත් කටයුත්තක්. එසේම මෙම රෝග ආසාදිතයන් ගෙන යන ගෙන යන රථ වාහන විසබීජහරණය කළ යුතුයි. යම් පෘෂ්ඨයක් මත දින තුනක වැනි කාලයක් මෙම වෛරසය නොනැසී පවතින්න පුළුවන්. රෝගී බැ?රුම්කම තේරුම් ගැනීම ඉන් වැළකීමට හොඳම මාර්ගයක්.

ප‍්‍රශ්නය - මේ ආකාරයට පොකුරු පිටින් තවත් ආසාදිතයන් මතු වුවහොත් තත්ත්වය බැ?රුම් වේවි නේද?

පිළිතුර - තවත් මෙවැනි පොකුරු ආසාදිතයන් දහසක් පමණ හමු වුවහොත් එය රටට දරාගත හැකි තත්ත්වයක් වන්නේ නැහැ. එවැනි තත්වයක් තුල ඇතිවිය හැකි තුළ ඇතිවිය හැකි වාතාවරණය ඉතා බරපතළයි.

ප‍්‍රශ්නය - වෛරසය ආසාදනය වී ඇති වැලිසර නාවික හමුදා කඳවුරේ භටයෙකු නිවාඩු ලබා පොලොන්නරුව වෙත ගොස් තිබෙනවා. මෙහිදී බොහෝ පිරිසකට රෝගය ආසාදනය වීමේ හැකියාව පවතිනවා ?

පිළිතුර - එම නාවික සෙබළා ගමන්ගත් මාර්ගය සහ ඔහු කළ කී දෑ සියල්ල පිළිබඳව බුද්ධි අංශ විමර්ශනය කර තිබෙනවා. එම නිසා ඔහු සමඟ ඇසුරු කළ පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ. බරපතළ තත්ත්වයට රට ගමන් කිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ යුහුසුළුව වැඩ කටයුතු සිදුකරමින් තිබෙනවා. ඒ සඳහා ජනතාවගේ නොමඳ සහාය අත්‍යවශ්‍යයි.

ප‍්‍රශ්නය - ඇඳිරි නීතිය ලිහිල් කිරීම කිරීමත් සමගම සමඟම රට නැවතත් වසංගතයේ අර්බුදයට ගොස් ඇති බව ඇතැමුන් චෝදනා කරනවා ?

පිළිතුර - ඇඳිරිනීතිය නීතිය ලිහිල් කර රට විද්‍යානුකූලව විවෘත කිරීමේ සැලසුම අපි රජයට ලබා දී තිබෙනවා. එහි දී රට කලාප හතරකට බෙදා වෙන් කර අවශ්‍ය සැලසුම් සකසා අපේ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළා. එහිදී අප සෞඛ්‍යය අංශය පමණක් නොව ආර්ථික සහ සාමාජීයකාරණාත් සැලකිල්ලට ගත්තා.

ප‍්‍රශ්නය - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ඉදිරිපත් කළ යෝජනාවලියට සමාන යෝජනාවලියක් පසුගියදා එංගලන්තයේ කේ‍්‍රම්බිජ් සරසවියේ මහාචාර්යවරුන් පිරිසක් ලෝකය හමුවට ඉදිරිපත් කර තිබෙනවා යැයි සඳහන් වනවා ?

පිළිතුර - ඇත්තටම ඔව්. අප සංගමය අපේ‍්‍රල් මස හතර වැනිදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ එකී යෝජනාවලිය හා සමාන යෝජනාවලියක් කේම්බි‍්‍රජ් සරසවියේ මහාචාර්යවරුන් පිරිසක් සහ තවත් මහාචාර්යවරු පිරිසක් එක්ව ලෝක ආර්ථික සමුළුවට ඉදිරිපත් කර තිබෙනවා. ලෝකයම පිළිගත් මහාචාර්යවරුන් එවැනි යෝජනාවලියක් සම්පාදනය කිරීමට දින ගණනාවක් මත්තෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එවැන්නක් සැකසීමට හැකියාව ලැබී තිබෙනවා.

ප‍්‍රශ්නය - මෙම වසංගතය අප රට මේ වන විට පවතින්නේ තුන (ඒ) කාණ්ඩයේ ද, එසේ නොමැතිනම් තුන (බී) යන කාණ්ඩයේ ද?

පිළිතුර - ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබුණේ තෙවැනි කාණ්ඩයක් පමණයි. අපි තමයි එම කාණ්ඩය 3 (්) සහ 3(ඉ) ලෙස නම් කලේ. එය දැන් ලෝකයේ අනිත් රටවලූ‍ත් භාවිතා කරනවා. වෛරසය නිවාස මට්ටමින් පැතිරෙනවා නම් නම් 3 (්) ලෙසත් ඉන් පිට ගමන් කරනවා නම් 3(ඉ) ලෙසත් අපි නම් කළා . ඒ අනුව තීරණය කරන්නේ නම් අපි මේ වන විට සිටින්නේ තුන බී ලෙස හිතන්න පුළුවන්.

ප‍්‍රශ්නය - රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ කටයුතු මේ වන විට හොඳින් සිදු වනවාද?

පිළිතුර - මුලින් පැවතුණා ට වඩා ප‍්‍රගතියක් දැන් එහි තිබෙනවා. මේ වන විට ඒ සඳහා පුද්ගලික රෝහල් ද සම්බන්ධ කරගෙන තිබෙන්නේ. මෙම කටයුතු තවත් පුළුල් කිරීම සඳහා විශ්වවිද්‍යාල ගණනාවක උපකරණ භාවිතා කිරීම සඳහා අපි ඉල්ලීම් කළා.මෙවැනි කටයුතු තුළින් රෝගීන් හඹා යෑම තව තවත් ඉහළ ඉහළ නංවන්න පුළුවන් .

ප‍්‍රශ්නය - ඇඳිරි නීතිය ඉවත් කළ පසු රෝගය පාලනය කර ගනිමින් පැවැති යහපත් තත්ත්වය බිඳ වැටී ඇතැයි සඳහන් වන කාරණයක්.

පිළිතුර - ඇත්තටම අපි ඇඳිරිනීතිය දෙස බලන්නේ සංචරණ සීමා ගැන බලලයි. අපට වැදගත් වන්නේ සංචරණ සීමා පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. රෝගය පැතිරීම අවම කිරීම සම්බන්ධයෙන් සහතිකයක් දිය හැක්කේ සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම භාවිතා කිරීම සහ සමාජ දුරස්ථ දුරස්ථකරණය යන කාරණා ගැන අධ්‍යයනය කිරීමෙන්. මෙහිදී මිනිසුන්ගේ සීලය ඉතා වැදගත්. ස්වයංවිනය ගිලිහී යෑමට නොදී පවත්වාගෙන යා යුතුයි.

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර

No comments

Powered by Blogger.