Header Ads

බැඳුම්කර සිද්ධියේදී රනිල් හොරෙක්‌ කියලා ඔප්පු වෙලා තියෙන්නේ - බෙංගමුවේ නාලක හිමි

"බැඳුම්කර සිද්ධිය නිසා රනිල් හොරෙක්‌ කියලා ඔප්පු වෙලයි තියෙන්නේ" යෑයි ජාතික සංවිධාන එකමුතුවේ බෙංගමුවේ නාලක හිමිපාණෝ ඊයේ 22 දා පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේද කීහ.

මේ ආණ්‌ඩුව අස්‌ථාවර නොකර ස්‌ථාවරව තබා ගැනීමේ වුවමනාව තියෙන්නේ විදේශ බලවේග වලටයි. බැඳුම්කර සිද්ධිය නිසා අද රනිල් හොරෙක්‌ කියලා ඔප්පුවෙලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගෙනාවේ රනිල්. අර්ජුන මහේන්ද්‍රන්ගේ මූලිකත්වයෙන් තමයි මේ බැඳුම්කර වංචාව වුණේ.

මේ මැතිවරණයේදී ජනතාවගෙන් මේ රජයට නියම උත්තරය ලැබුණා. ජනතාවට ඇහුම්කන් දෙන එක නොවෙයි මේ ආණ්‌ඩුව කරන්නේ. මේක රූකඩ ආණ්‌ඩුවක්‌. සිරිසේන-රනිල් කරන්නේ රඟපෑමක්‌ නොවෙයි. මේක රූකඩ ආණ්‌ඩුවක්‌. මේගොල්ලෝ රූකඩයෝ. දෙමළ ඩයස්‌පෝරාව, සීඅයිඒ, රෝ කියන සංවිධානවලට ඕන විදිහටයි මේ අය නටන්නේ. ඒ නිසා මේ ආණ්‌ඩුව තනිකරම රූකඩ ආණ්‌ඩුවක්‌. මේ ගොල්ලන්ට ඕන මේ රට බෙදන්නයි.

මහින්ද මහත්තයාගේ පොහොට්‌ටුවට අතිවිශාල ඡන්ද සංඛ්‍යාවක්‌ ලැබුණා. මේ ආණ්‌ඩුවට ජනතාව කියන්නේ ආණ්‌ඩුව දාලා පලයල්ලා උඹලට මේ ආණ්‌ඩුව කරන්න බැහැ කියලයි. උඹලා මේ රට විනාශ කරනවා. උඹලා මේ රට දාලා පලයල්ලා කියලයි ජනතාව කියන්නේ.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා-

මේ ආණ්‌ඩුව පත්කළේ වෙන කිසිම දේකට නෙමෙයි රට බෙදන්න ව්‍යවස්‌ථාවක්‌ ගේන්නයි. ඉන්දියාවේ මූලික අරමුණ මේ රට අස්‌ථාවර කරලා මේ රට බෙදලා එමගින් ඔවුන්ට ඉන්දියන් සාගරයේ බලය අල්ලා ගන්නයි. රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුව රූකඩ ආණ්‌ඩුවක්‌. මුන්ට මොනවද කරන්න පුළුවන්. මහින්ද රාජපක්‍ෂ හිsටිය නම් මේ එක එක්‌කෙනාට ඕන විදිහට නටන්න බැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

No comments

Powered by Blogger.