Header Ads

වටිනාකම කෝටි එකොලහයි.. තීරුබද්ද කෝටි හයයි.. ප‍්‍රභූ පුතෙකුට ගෙනා කිරි කිරි ලැම්බොගිනියක් කොළඹ වරායේ..

ප‍්‍රභූ දේශපාලන පුත‍්‍රයෙකු විසින් ගෙන්වූ බව කියන අධි මිල ලැම්බොගිනි වර්ගයේ නවීනතම මෝටර් රථයක් කොළඹ වරායේ සන්හිල් අංගනයේ නවතා තිබෙන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් පල වෙයි.

මෙරටට වාහන ගෙන්වන ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගමක හිමිකරුගේ බිරිදගේ නමින් මෙය ගෙන්වා ඇති බවද සදහන්ය.

මෙම රථය තීරු බදු ගෙවා ගෙන යාමට ඇය පැමිණියද එහිදී ඇති වූ යම් යම් ප‍්‍රශ්න කිරීම් හමුවේ ඇය විසින් සදහන් කර ඇත්තේ මෙය තම නමින් ගෙන්වුවද සැබෑ හිමිකරු ප‍්‍රභූ දේශපාලන පුත‍්‍රයෙකු බවයි.

ඒ බව සදහන් කිරීමත් සමග කෙටි කාලයක් ඇතුලත වාහනයට අදාල සියළු ලියකියවිලි සම්පූර්ණ කර දී ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

මෙම වාහනයේ එන්ජින් ධාරිතාවය ඝණ සෙන්ටිමීටර 5000ක් වන අතර පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කල හැකි බවද වාර්තා වෙයි.

එන්ජින් ධාරිතාවය අනුව මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බද්ද ලක්‍ෂ 580ක් වන බවත් වාහනයේ වෙලදපල වටිනාකම ලක්‍ෂ 1190ක් වන බවත් තව දුරටත් වාර්තාවන්හි දැක්වෙයි.

No comments

Powered by Blogger.