Header Ads

චන්ද්‍රිකා මල පනී ඇමති ජෝන් සෙනෙවිරත්නගේ කණ පලන හැටි කියයි…[Video]

ඇහැලියගොඩ ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිම සඳහා හිටපු ජනාධිපතිනිය මෙන්ම අත්තනගල්ල ශ්‍රිලනිප සංවිධායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රිලනිප උප සභාපති ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහිදි අමාත්‍යවරයා පාක්ෂිකයින් අමතමින් කියා සිටියේ ඉදිරි මැතිවරණයට පෙර පක්ෂය ශක්තිමත් කිරිමට ශ්‍රිලනිප දෙපාර්ශ්වයම දෙවියන්ගේ නාමයෙන් එකතු විය යුතු බවත් එසේ නොවුනහොත් මැතිවරණයකදි ජයග්‍රහණය කිරිම අපහසු බවයි.

එයට පිලිතුරු ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියා සිටියේ, “කවුරු හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂය බේරාගැනීම සඳහා මේ පක්ෂයත් කාලා රටත් විනාශ කරලා මිනි මරණ නායකයින්ගේ පස්සේ ගිය මිනිස්සු මේකට ආයෙත් ගන්න ඕන කියනවා නම් එගොල්ලන් පක්ෂයට දෝහිකමක් කරන්නේ” යැයි චෝදනා කලේ ය. එමෙන්ම ඇය වැඩිදුරටත් පැවසුවේ එම පිරිස් දැන් සාකච්ඡා සඳහා එන බවත් එහෙත් ඇය ඒ සඳහා සහභාගි නොවන බවයි, එමෙන්ම ඇය ඉන්න අවස්ථාවක එසේ සාකච්ඡා සඳහා පැමිණියේ නම් ඔහුන්ට කන පැලෙන්න ගසන බවටත් අනතුරු ඇග විය.

මේ අනුව ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ කතාව ඇය අනුමත නොකරන බවත් එසේ ඒ කණ්ඩායම එකතු කිරිමට ඇය විරුද්ධ බවත් ප්‍රකාශ කිරිමෙන් පසුව රත්නපුර ප්‍රදේශයේ තම පාක්ෂිකයින් ඉදිරිපිට අමාත්‍යවරයා දැඩි අපහසුතාවට පත්විය.

No comments

Powered by Blogger.