Header Ads

ලංකාවේ NGO කාක්කන්ට ඇමරිකාවෙන් පාඩම්ක්..... ට‍්‍රම්ප්-ඔබාමා-ක්ලින්ටන් පැටිකිරිය මෙන්න..

ලංකාවේ ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානයේ සැලකිම මදි පුංචි කමක් ලෙස සලකන NGO නඩයට ඇමරිකා ජනාධිපති “ශුද්ධවු බයිබලය” මත අත තබා දිව්රුම් දීම අමතක කරයි.



ඇමරිකා එක්සත් ජනපදයේ තේමාව හෙවත් ආදර්ශය පාඨය Motto දෙවියන් වහන්සේ අපේ විශ්වාසය යි යන්නය. “In God We Trust” [Link]එමෙන්ම එරටේ සම්ප්‍රදාය වනුයේ ඕනම ජනාධිපතිවරයෙකු තම ජනාධිපති ධූරය දිව්රුම් දීම කරනුයේ “ශුද්ධ වු බයිබලය” මක් තම අත තබාගෙන ය. ඒ ශුද්ධ වු දෙවියන් වහන්සේ සහ එරටේ ජනතාවගේ බැදිම සහතික කරන පිණිසයි. නමුත් එරටේ කතෝලික ජනතාව සිටිනුයේ සීයයට 70.6% කි. අනිකුත් ආගමිකයෝ සීයයට 30% ආසන්න ප්‍රමාණයක් එරටේ ජිවත් වෙති.

එමෙන්ම ඇමරිකානු ඉතිහාසයේ සෑම ජනාධිපතිවරයෙකු මෙන්ම වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිව්රුම් දෙනු ලැබුවේ ශුද්ධ වු බයිබල් දෙකක් මත තම අත තබාගෙන ය. එයට හේතුව එරටේ ජනාධිපතිවරයා දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන සෑබැම බැදිම කොතරම් ද යන්න පෙන්නුම් කිරිමකි. එහෙත් එරටේ ජීවත්වන සීයයට 30% ක් වන කතෝලික නොවන අන්‍යාගමික ජනතාව ඊට එරෙහිව අවම වශයෙන් වචනය කුදු මෙතෙක් ප්‍රකාශ කොට නොමැත. එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරාජිත අපේක්ෂිකාව වු හිලරි ක්ලින්ටන් 1997 ඇයගේ ස්වාමිපුරුෂයා වන බිල් ක්ලින්ටන් ඇමරිකාවේ ජනාධිපති ලෙස දිව්රුම් දුන් අවස්ථාවේදි “ශුද්ධ වු බයිබලය” ඇය විසින් අල්ලාගෙන ජනාධිපතිවරයාට ඒ මත අත තබා දිව්රුම් දීමට දායක විම තවත් ඓතිහාසික අවස්ථාවකි.
ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 75% සිංහලයන් වන අතර ඉන් සීයයට 70.2% බෞද්ධයන් වේ. එහෙත් මෙරටේ බෞද්ධයන්ගේ උරුමය ආරක්ෂාකර ගැනීමට ඇති අයිතිය සම්බන්ධව ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය හා උපදෙස් ආණ්ඩුව හා ජනාධිපතිවරයා පිලිනොගත යුතුය යන්න විශාල ප්‍රචාරයක් එක්තරා කණ්ඩායමක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව කරගෙන යනු ලබයි.

ආණ්ඩුවේ මාධ්‍ය මේ සඳහා විශාල දායකත්වයක් සපයයි. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙස මහන්සි වූ රාජ්‍ය නොවන සංවිධානයන් මෙන්ම සිවිල් සංවිධානයන් කියා ගන්නා පිරිසක් මෙන්ම දෙමළ ඩයස්පෝරාවද මෙය පිටුපස සිටි. විශේෂයෙන්ම හිටපු සුප්‍රසිද්ධ බෞද්ධ මා නහිමි නමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වය හරහා ආරම්භ වූ සාධාරණ සමාජයක් උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ප‍්‍රමාණික අධ්‍යාපන සුදුසුකම් ඇත්තේදැයි සැක සහිත වියන්ගොඩ සහ පිරිමි නර්ස් ඇතුළු පිරිසක් විසින් මෙරටේ උගත් ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මා නායක හිමිවරුන්ට ඇතුළු ගරුතර මහා සංඝරත්නයට අපහාස උපහාස කිරිමට පටන්ගෙන ඇත.
ඒ උන්වහන්සේලා අවම වශයෙන් ඇමරිකාවේ වගේ ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශය හෝ ශ්‍රීලංකාව බෞද්ධ රාජ්‍යක් ලෙස පමණක් පිලිගන්නා ලෙස හෝ රජයන් ඉල්ලීමක් කර නොමැති අවස්ථාවකයි. උන්වහන්සේලාගේ එකම ඉල්ලීම දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති සිංහල සහ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනස් නොකරන ලෙස පමණයි.

එමෙන්ම මුස්ලිම්වරුන් සීයයට 56% ක් පමණක් ජීවත්වන මැලේසියාව ඉස්ලාමීය රාජ්‍යක් ලෙසත් ලෝකයේ මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත්වන රටවල් සම්පූර්ණයෙන්ම ඉස්ලාමීය රාජ්‍යන් ලෙස ආගමික වශයෙන් නම් කොට තිබියදි පවා ශ්‍රීලංකාවේ සීයයට 70% කට වඩා බෞද්ධයන් මෙන්ම සීයයට 75% ජීවත්වන සිංහලයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරිම පවා ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීමට මෙම විජාතික අන්‍යාගමික බලවේගයන් උත්සහ ගනිමින් සිටි.
මෙම කණ්ඩායමේ උත්සහය ශ්‍රීලංකාව අන්‍යාගමික රටක් මෙන්ම ෆෙඩරල් රාජ්‍යක් කොට උතුරු නැගෙනහිර සඳහා වෙනම ආණ්ඩුවක් පිහිටුවීම හරහා අනාගතයේ වෙනම ඊලම් රාජ්‍යක් බිහිකිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරිමයි.

No comments

Powered by Blogger.