Header Ads

NGO අයියලාට මලපනී. මාධ්‍ය කැදවති.. ව්‍යවස්තාවට විරුද්ද වූ නාහිමිවරුන්ට පස් පඩංගුවේ බැණ වදිති..(video)

නව ව්‍යවස්ථාවක් එපා යයි මල්වතු නාහිමියන්ගේ මතය බවට කිසියම් භික්‍ෂූන් වහන්සේලා පිරිසක් වැරදි ප‍්‍රචාරයක් සිදු කර ඇති බව නව ව්‍යවස්ථාවක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජික ගාමිණි වියන්ගොඩ පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මල්වතු නාහිමියන් විදෙස්ගතව සිටින මොහොතක මෙම ජාතිවාදී භික්‍ෂූන් පිරිසක් විසින් කර ඇත්තේ පාපතර වංචාවක් බවයි.ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි මතයක් දැරීමට ඔ්නෑම අයෙකුට අයිතියක් ඇතත් එය සමාජයට හානියක් නම් එය නොපිලිගත යුතු බව එම සංවිධානයේ සම කැදවුම්කරු හෙදනිලධාරී සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.
එම මාද්‍ය හමුව අමතමින් මහාචාර්ය සරත් විජේසුරිය කියා සිටියේ මහනායක හිමිවරුන් දැන හෝ නොදැන තමන් සතුව ඇති සිවිල් බලයක් දේශපාලන අරමුණක් වෙනුවෙන් අවභාවිත කරමින් සිටින බවයි.

No comments

Powered by Blogger.