Header Ads

අනිකාට මරණ තර්ජනය කළ රවිගේ ඥාතියාගෙන් අධිකරණයට පෙත්සමක්

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට දී තිබෙන “මොනෑක්” නිවාස සංකීර්ණයේ අදාල නිවසේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට ජීවීත තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙකු වු ශනිල් නෙත්තිකුමාර මහතා, තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙරොන්තුඩුව මහගොනදූව අංක 119 ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන 28 හැවිරිදි ශනිල් ලක්ප්‍රිය නෙත්තිකුමාර මහතා ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා සහ බැඳුම්කර කොමිසමේ සාක්කිකාරියක වු අනිකා විජේසුරිය මහත්මියගේ වැඩිමහල් සහෝදරයා වන විජිත් විජේසුරිය මහතා සහ නීතීපතිවරයා නම් කොට ඇත.

ශනිල් ලක්ප්‍රිය නෙත්තිකුමාර මහතා හිටපු මුදල් ඇමතිවරයාගේ ඥාතියෙකු බව බැඳුම්කර කොමිසමේදී අනාවරණය වී තිබේ.

No comments

Powered by Blogger.