Header Ads

සිරිකොත එජාප මූලස්ථානයේ අලියාට වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඇති අලියා ලාංඡනයට වෙඩි තැබූ බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කොස්තාපල්වරයා නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ එපිටමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක රාජකාරියේ නිරත අයෙකු බවටයි වාර්තා වන්නේ.

අද පස්වරුවේ රාජකාරියට යමින් සිටි කොස්තාපල්වරයා විසින් සිරිකොත මූලස්ථානය ඉදිරිපිටදී තම රාජකාරී ගිනිඅවියෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි දැනට තොරතුරු වාර්තා වන්නේ. පසුව නැවතත් සුපුරුදු පරිදි අදාළ ලේකම්වරයාගේ නිවසට ගොස් රාජකාරියේ නිරතව සිටියදීයි සැකකාර කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක්ද ලබාගැනීමට නියමිත බවයි.  මිරිහාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

No comments

Powered by Blogger.